AJOUTER PAROLES
Top 100
Sorties d'albums
artistes
Communauté
Espagnol
Portuguais
Anglais
Correction Paroles
Caligynephobia | කැලිගයිනෆෝබියා
par
Costa
Retour
Paroles
Chorus : Costa හීනෙන් මම ඔබ, හා එක්වෙමි ඈත ලෝකෙදි, ආයේ වෙන්වෙමි මම තරුණයි, ඒත් මගේ හිත මහළුයි අත ගන්නට ඔබේ මගේ හිත චකිතයි.... ගන්න හිතෙනවා, ඒත් හිත බයයි ආදරෙන් මට, ඉන්න වන වගයි ඔය ලස්සන හිනාව ඕනේ මට දැන් ඇළුම් වන්නට බය මගේ හිත තුළ දැන්.... Bridge : Costa කවුරුත් කිව්වේ නෑ,... මම තාම දැන්ම කිව්වේ නෑ.... ඉන්නේ මා.... අහසේ ආ......... Verse 1 : RUDEBOYRAY වරක් නෙවෙයි දෙවරක් කිව්වත් මේක නෙවෙයි අන්තිම වතාව ඇස්වලින් අල්ලන් ඈව ලිව්වා මං කවි වලින් මගේ කථාව ඈ හිනාවෙන ලතාව, ඇගෙ ගමන, විලාසිතා ව තාවකාලිකව ගොළු කළා පදවැල් මං ළඟින් තියන් හිටි ගොතාන.... ඇස් දිහා කෙළින් බලන්න බෑ, හිත හිරි වැටෙනවා නිතර ඈ ළඟින් ඉද්දි මට ගලපගන්න බෑ, භාෂාවේ මදි වචන දැක්කා ඈව මම ඇස් කොනින්, ඩොලර් - පවුම් මැද්දේ ඈ bitcoin Pass කරන් යන්න හැකිවෙයිද මට Caligynephobia වේ Checkpoints... ඉන්නම් හිතින් මං මැරි මැරි, චාටර් වෙන්න තමයි ඉතිං මට බැරි ඇගෙ රූපකාරයට සමවැදී , බලන් ඉන්නම් මම ළතවෙවී.. මගේ 4 K හීනවල details, මම දුර්වලම විෂය females හිතේ සැරිසරන වචනවලින් මං ලියන්නම් එයාට E-mails... මම හාමතේ පිපාසයෙන් ඉන්නා විට හමුවුණා වගේ ice-cream scoop එකක් ඈ මගේ මනසේ නොනැවතී re-play වෙන පැය 24 ක loop එකක් ඇගෙ මතක ඇසුරෙන් සත්තයි මට ලිව්වැකි, කවියක් - පොතක් එක්ක නින්ද යන්නෙ නැති වර්ණවත් හීනෙක පිළිසඳරක් මං හඳත් එක්ක.... Chorus : Costa හීනෙන් මම ඔබ, හා එක්වෙමි ඈත ලෝකෙදි, ආයේ වෙන්වෙමි මම තරුණයි, ඒත් මගේ හිත මහළුයි අත ගන්නට ඔබේ මගේ හිත චකිතයි.... ගන්න හිතෙනවා, ඒත් හිත බයයි ආදරෙන් මට, ඉන්න වන වගයි ඔය ලස්සන හිනාව ඕනේ මට දැන් ඇළුම් වන්නට බය මගේ හිත තුළ දැන්.... Verse 2: RUDEBOYRAY ජීවිතේ නැමැති කැන්වස් රෙද්දේ ඈ වෙලා වර්ණවත් සිත්තමක් ඇගෙ වචන, පාට නූල් එක්ක එකින් එක ඇමිණිලා එන ගෙත්තමක් මවන්න ආසයි ඈව ගේන හැටි, ඇගෙ ඇස්වලින් මාව පේන හැටි සැනසෙන්න ආසයි ඈ ළඟටම වෙලා ඇගෙ හසරැලි වල වැදි වැදි... තව වැඩි වෙනවා හදේ ගැස්ම, ඇගේ ඇස් ම තමයි හේතුව දිළිසෙන තරු අස්සෙන් දැක්කා වගේ 'හේලී ගේ ධූමකේතුව' හීන අතරින් මම ඈ හා එක්වෙමි, ඈ වෙලා මගේ ප්රාණය ඈව නිර්මාණය කරපු දවසේ දෙවියනුත් හොයාගන්න ඇති නිර්වාණය.... Bridge : Costa කවුරුත් කිව්වේ නෑ,... මම තාම දැන්ම කිව්වේ නෑ.... ඉන්නේ මා.... අහසේ ආ.........
clip
Ton pseudo sera publié. Laisses les champs vide pour rester anonyme.
Soumettre
Modal title
×
Ajouter un média
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Se souvenir de moi
Mot passe oublié
Connectes-toi
M'inscrire